සඳකඩ පහණක.................අරුත් සරු ගීයකි!
හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.
ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය. කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි වුව ද එකී අරුත් දැක්වීම් පිළිබඳව සෑහීමකට පත් නොවීමි. විවිධ පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දැරූ උත්සාහයන් ද වරින් වර දැකගත හැකි විය. එහෙත් පසු කලෙක චිත්‍රපටය නැරැඹූ පසු, මඳක් සංකීර්ණ වුව ද, 'සඳකඩපහණක' ගීතය, චිත්රපටයෙහි අන්තර්ගතය හා මනා ලෙස ආබද්ධ වූ පරිපූර්ණ 'අරුත් පුන්' ගේය පද රචනයක් බව අපට පිළිගත හැකි විය. මාතර ආච්චි චිත්‍රපටය දිගු කලක් අස්ථාන ගතව තිබීම ද මෙම ගීයෙහි අරුත සපුරා වටහා ගැනීමට කිසියම් බාධාවක්ව පවතින්නට ඇතැයි සිතිය හැකිය.
සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී
දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ
හද විල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා
මේ අනුව 'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි.
Download here http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2561
උපුටා ගැනීමකි.
-කොට්ටාවේ සමිත හිමි
[පළමු වසර - සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය, මිහින්තලය.]
Download here http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2561
උපුටා ගැනීමකි.
-කොට්ටාවේ සමිත හිමි
[පළමු වසර - සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය, මිහින්තලය.]
කාලයක් තිස්සෙ හරි තේරුමක් නොදැන තේරුම සොයමින් සිටියෙමි. ඔබ එය බොහෝ දුරට වටහාගෙන ඇති හැඩයි...ස්තූතියි...
ReplyDeleteමතුපිටින් පෙනෙනා අරුථට වඩා ගැඹුරු අරුථක් මෙහි ගැබ් වී ඇති බව වැටහුණි.
ReplyDeleteදිනක් අපේ පාසලේ සාහිත්‍ය දිනයකට සහභාගී වූ රත්න ශ්‍රී විජේසිංහයන් මේ සින්දුවට පැහැදිලි තේරුමක් නැතැයි පැවසු බව මට තාම මතකය. :)
ReplyDeletewrong..
ReplyDeletethanks. godak kal indan hoya hoya hitiye theruma mokakda kiyala. 'Mathara Achchi' film eka hoyandath try kala. ekath hari giye ne.
ReplyDeletemeaning eka kiwwata bohoma pin.
Cannot agree. This song is about and prostitute, People who come to her and her little child.
ReplyDeleteYes your correct
DeleteNo, I don't think so. Just listening to song we can tell lot of meanings. But if we consider about the background of this song, it is written for movie named "Mathara achchi". There is nothing on the movie that we cant join to prostitute.
Deletekalayak mage hithata ekaga wenna puluwan meaning ekak man me me song ekata hewwa..eth hamoma dunna meanings wenas..mage hithata hari yana meaning ada labna..hugak thanx..harima pahadiliwa meanng kalata..
ReplyDeletechathuranga is correct
ReplyDeleteසදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.
ReplyDeleteසදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...
සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,
කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.
සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,
දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,
අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,
ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,
හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,
මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.
-උපුටා ගත්තකි-
yeahh this is the correct one.. :D
DeleteIts amazing to see two equally beautiful meanings or perceptions for the same song.....AMAZING....
DeleteThis is the correct meaning of the song.
DeleteThere is no so called 'correct meaning'. This is literature and its freedom is endless.
DeleteThis is not the correct meaning of this song suresh..
DeleteMe sinduwe harima theruma meka.
Deleteමං අහලා තියෙන්නෙත් ඔය තේරැම තමයි
Deleteමමත් ඕක තමයි අහලා තියෙන්නේ. මට හිතෙන්නෙ හරි තේරුම ඒකයි
Deletesinhala song wala thrum thiyena web ikak kiyanna ko
DeleteThis is not the correct meaning
DeleteAgree with this meaning 👍
Deletehttps://www.youtube.com/watch?v=EMqRVczUZPs
DeleteMatara achchi film. This song appeared in this film. This meaning is cheap to fit in that film context.
ඔව් මේක තමයි හරි අරුත
Deleteඑතකොට "ගව්වක් ඉහලට ගොනු කොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ" කියන කොටසේ තේරුම මොකක්ද?
Deleteමෙම ගීතයේ තේරුම ගායකයා විසින්ම අදර කතාවක් බව විස්තර කරන ලදී. ඔහු මෙය පැවසුවේ රුපවාහිනි වැඩසටහනකදීය .
ReplyDeleteමෙය විකාර අදහසක් ඇති ගීයක් නොවේ.
Can you please explain whats the විකාර අදහස ?
Deletehttps://www.youtube.com/watch?v=EMqRVczUZPs
Deleteමෙය ඔහු විසින් ගායනා කරන ලද්දේ මාතර ආච්චි චිත්‍රපටය සඳහාය. එහිද ඇත්තේ ආදර කතාවකි.
ReplyDeletewho cares.........
Deletethank you oyage blog site eka thawath wadi diyunu wenna kiyaa mama prarthana karanawa mama kiyanne thawath meware therum dannna kalaya welelawa ida salasewa yannaya
ReplyDeletethanks for yr correct meaning of the this song
ReplyDeleteim in search of these kinds of pages.. the real meaning of songs.. so any one know some other pages, please let me know. :)
ReplyDeleteme sinduwe athathama theruma nam oya ganikawak gana newei! Suresh-RoG has published a fake meaning for the song. Please delete it!
ReplyDeleteCha Wi: සාහිත්‍යයේ මතුපිට අර්ථයක් මෙන්ම ගැඹුරට කිඳා ගිය අර්ථයක්ද ඇත. බ්ලොග් අඩවියේ ඉහලින්ම ඇත්තේ ඒ මතුපිට අදහසයි. Suresh-RoG පළ කර ඇත්තේ ගැඹුරු අර්ථයයි. තවද විචාර කිරීමේ නිදහස කතුවරයා සතුය..
ReplyDeleteඔබ නිවැරදියි,
Deleteතමන්ට ඔය සින්දුවට ඕනෑම අර්ථයක් ලබාදෙන්න පුළුවන්
ReplyDeleteඋදාහරණයකට සිතන්න පොතක් කියවන විට තමන් ලැබූ අත්දැකීම් මත චිත්ත රූප මවා ගැනීමට හැකියාව ලැබේ.
Oya harui
DeleteTotally wrong meaning, its about a prostitute who has a child
ReplyDeleteCorrect
Deletecorrect and wrong
Deleteමහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරෙක පවසා තිබුණේ මෙය රචනා කළ රචකයා පවා මෙහි අරුත දැන නොසිටි බවයි.
ReplyDeleteමමත් දන්න කියන හැම කෙනගෙන්ම මේ සින්දුවේ තේරුම ඇහුවා. කාටවත් පුළුවන් උනේ නෑ මේකේ තේරුම කියල දෙන්න . ඉතින් මම තේරුම හොයන එක අතහැරිය. අවුරුදු 8 කට විතර පස්සේ මේ බ්ලොග් එක මම දැක්කේ . ඇත්තටම බොහොම ස්තුති උත්සාහයට .
ReplyDeleteSuresh is the correct
ReplyDeleteMeka waradi...
ReplyDeleteMeke thiyenne wena arthayak....
Meka waradi...
ReplyDeleteMeke thiyenne wena arthayak....
not satist
ReplyDeleteආදර ගීතයක්. ගායකයා පැවසූ විදියට ඒක නිවැරදියි.වෙනස් විදියකට හිතෙන අයත් ඉන්නව.
ReplyDeleteආදර ගීතයක්. ගායකයා පැවසූ විදියට ඒක නිවැරදියි.වෙනස් විදියකට හිතෙන අයත් ඉන්නව.
ReplyDeleteආදර ගීතයක්. ගායකයා පැවසූ විදියට ඒක නිවැරදියි.වෙනස් විදියකට හිතෙන අයත් ඉන්නව.
ReplyDeleteBlog එකේ තියෙන්නේ මතුපිටින් බැලුවම තේරෙන අරුත. ඒත් සුරේශ් දීලා තියෙන උත්තරේ ගැඹුරු අරුතක් තියන හරි තේරුම කියලා හිතන්න පුලුවන්.
ReplyDeleteAththatma math me gena Hauwa anthimw hambuna
ReplyDeleteThanks a lot guys...
ReplyDeleteAgree with Suresh. Sunil Edirisinghe explain the same in a live concert.
ReplyDelete..ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි....
ReplyDeletethanks im satisfied with bougth of meaning
ReplyDeletePlease enjoy. Don't argue. Life is shorter than we think
ReplyDeleteSamasthayaklesa gathkala meya ek raamuwakata kotu nouu wisala parasayaka pathirunu aruthbara geeya pada rachanayak lesa mata sithe...
ReplyDeleteහීනයක් ඇතුලේ හීනයක්. අවශ්‍යනම් මතුපිට සිහිනය රසවිඳින්න.අවශ්‍යනම් ඉන් එහාට ගොස් සිහිනය ඇතුලේ සිහිනය රස විඳින්න. ඊටත් එහාට යාමට අවශ්‍යනම්, සිහිනයක් ඇතුලේ සිහිනයක් ඇතුලේ සිහිනයකට ගොස් එය රසවිඳින්න. ��
ReplyDeletesiththam karamin manase obe ruwa.... dayan vitharana...
ReplyDeleteAda thamai hari theruma danagaththe. Marama therumak thiyana sinduwak.
ReplyDeleteFilm eke thiyenneth adara kathawak... A nisa mekata yatin thiyana gamburu arathaya kiyala oya samaharu kiyana eka waradiy... Eeka gamburu eka kiyala eyala kiyanna eyala eken dakinna asa de... Ow oona kenekta nidahasa thiyanawa kamathi widiyata therum ganna... Eth meka liyala thiyana aya kiyala thiyana aya meka yodagaththe "maathara aachchi" film eke ara kalin kiwwa awsathawata... Ganikawak gana wenna ba meka a nisa... A adahasa hithagena ahuwama meka ehema hithunata yodagaththu awsthawa salakuwama niyama adahasa therei...
ReplyDeletetheruma danaganna nam Rachakayage adahsai awashya.. wenath ayage manakkalpithayan nowe.. kotharam sithivili adaahas thibunath sathaya yanu ekak pamanai..samajagatha wiya yutthe eyai.
ReplyDeleteBoru danna epa yakuneee.
ReplyDeleteBoru danna epa yakuneee.
ReplyDeleteඑක රේඩියෝ programme එකකදි ගීතයෙ අරචකයාගෙන් ඇහුවම ඒයත් කියුවෙ එහෙම විශේශ තෙරුමක් තියන සින්දුවක් නෙවෙයි ච්ත්‍රපටියෙ රූපරාමුත් එක්ක ගලපලා නිකම් ලියුව ගීතයක් කියල...
ReplyDelete