Friday, December 21, 2012

Hanthanata Payana Handa

හන්තානට පායන සඳ


පෞද්ගලික උපකාරක පංතියක සුපුරුදු ප්‍රේමණීය සිදුවීමක් සිදු විය. පෙම්වතුන් යුවලක් එකට හිඳ බත් මුලක් ලිහා ගෙන කන අයුරු පංතියේ ගුරුවරයා දකියි. නිතරම මොවුන්ගේ පෙම දකින ගුරුවරයාටද දෙදෙනාව හොඳින් මතකය. කාලය කෙමෙන් ගත විය. විභාගයද අවසන් වී වසර කිහිපයක් ගත විය. දිනක් හදිසියේම තරුණයෙකු මෙම ගුරුවරයා හමු වීමට පැමිණෙයි. මේ වන විට ගුරුවරයාට මොහුව තරමක් අමතක වී තිබුණි. හඬ අවදි කළ තරුණයා තම ගුරුවරයාට අතීතය මතක් කරන්නට විය. නමුත් තරුණයා තනිව පැමිණ ඇති බැවින් ගුරුවරයාට තරමක ගැටළුවක් පැන නගියි. ඔහු තරුණිය පිළිබඳ විමසයි. ටික මොහොතක් නිහඬව සිටි තරුණයා තම දුක්බර කතාව ගුරුවරයාට පවසයි. 

“සර්, එයා විභාගෙ හොඳට පාස් වෙලා කැම්පස් ගියා. ඒත් මම...”

ඔහුගේ මුහුණේ ගැබ් වී තිබුණු කතාව ගුරුවරයාට අවබෝධ වෙයි.

“ඔහොම තමයි ජීවිතේ. එක් වීම්. වෙන් වීම්. ජය. පරාජය. පුතා දැන් මොකද කරන්නේ?” යනුවෙන් ගුරුවරයා ඔහු සනසයි.

“මම සර් ප්‍රයිවට් කම්පැණි එකක වැඩ.” යනුවෙන් ඔහු පිළිතුරු දෙයි.
පසු කලෙක මෙම සිදුවීම ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත් වයි. ඒ ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් විසින් ගයනු ලබන හන්තානට පායන සඳ ගීතයයි.

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න


තම පෙම්වතිය සරසවි වරම් ලැබුවද තමා විභාගය අසමත් බැවින් ඇය තමන්ගෙන් ඈත් වීමට වෙර දරයි. කාරණාව වටහා ගත් ඔහු තම ආදරිය වෙත ලිපියක් ලියයි. ඇය වෙසෙන පේරාදෙණිය සරසවියේ ලස්සන ගැන විමසන ඔහු ඇයට ලැබුණු වරම පිළිබඳ ඇයට සුභ පතයි. අතීතයේ තමා සමඟ පෙමින් වෙලී තුරුළු වී පාරේ ගිය හැටි මතක් කරයි.
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න

නමුත් ඔහු සත්‍ය තත්ත්වය දනියි. ඇය තමාගෙන් ඈත් වී ඇති බව තේරෙයි. එහිදී ඔබට සුදුසු පෙම්වතෙක් ඔබ වෙත එයි. එසේ එන කල මා අමතක කර ඔහු සමඟ සදාකාලික පෙමින් සිටන සේ කියා සිටියි.

Wednesday, December 12, 2012

Ma Sanasa - Mervin Perera


මා සනසා


මචං ඊළඟට මා සනසා... ගහමු. මේ වදන් පෙළ නොඇසූ කෙනෙකු නැති තරම්ය. ඒ තරමටම මේ ගීතය ලාංකික රසික හදවත් තුළ තැන්පත් වී ඇත. උත්සව අවස්ථාවලදී විශේෂයෙන් මංගල අවස්ථාවලදී, විනොද චාරිකාවලදී සහ විශේෂයෙන්ම තරුණයන් විනෝද වන විටදී. එනම් අපේ භාෂාවෙන් නම් සෙට් වුන වෙලාවට අනිවාර්යයෙන් මේ ගීතය අසන්නට ලැබේ.  ඔහේ කියන්නංවාලේ කියනවා ඇරෙන්න ඒකෙන් කියවෙන්නෙ මොකක් ගැනද කියලා ඔබ කවුරුවත් නිකමටවත් සිතා තිබේද?
මේ ගීතය අප කවුරුත් හොඳින්  දන්නා හඳුනන ප්‍රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා විසින් ගයන ලද්දකි. මෙහි ඉතා හොඳින් විඳිය හැකි තනුවක් ඇති නිසා රසික හදවත් තුළට පහසුවෙන් ඇතුළු විය. ඇත්තටම මෙහි කියන්නේ කුමක් ගැනද?

මා සනසා මා නළවා//
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
හදේ ලැගුම් අයදී

මා සනසමින් නළවමින් පැමිණි සුරංගනාවිය ඇත්තෙන්ම කවුරුන්ද? ගීතයේ ඉදිරිය පිළිබඳ සොයා බලන කල වැටහී යන්නේ මේ කත අන් කිසිවෙකුත් නොව රාත්‍රී සමාජ ශාලාවක සිටින රෑ මනමාලියක් බවයි. රචකයා සතුට සොයා සමාජ ශාලාවක් වෙත ගිය මොහොතක එවන් කතක් පැමිණ ඔහුට යෝජනාවක් කරයි.

විතක් මධු පෙරා ගෙනල්ලා
සුරන් රවටලා
ඇසක් ඉඟි මරා රැඟුම් පා
මුවට යා කලා
හැඟුම් තෙරපිලාදෝ
හසුන් මුස වෙලා
සිහින ලොවක පා...වේ...
සඳුන් සිහිල යාමේ

මධුවිතින් මත් වූ කල ඔවුන්ව පෙනෙනුයේ සුර අඟනන් ලෙසටය. මත්වී රංගනයේ යෙදෙන අතරතුර කතුන් පැමිණ වරෙක ඔහුට මුව ලං කර සිප ගැනීමට සැරසෙයි. එවිට ඔහු වෙත පැමිණෙන හැඟීම්වලින් මත් වී ඇගේ මුසාවට හසු වෙයි. මතින් හා රාගයෙන් අතරමං වූ ඔහු සිතන්නේ ඔහු සිහන ලොවක සිටින බවය.

රැයක් නිදි වරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එන තුරා සුරංගී
හිඳිමි මඟ බලා
හෙටත් සඳ උදා වේ
රැයක් පැමිණිලා
සිහින ලොවට යා...වී...
සුරඟ මා සොයා එයි

රැය පුරාම ඇගේ සිහින ලොවේ අතරමං වන ඔහු ඇගේ බන්ධනයට හසු වෙයි. ඇත්තෙන්ම කිවතොත් ඇබ්බැහි වෙයි. නැවතත් සමාජ ශාලාව වෙත ඔහු පැමිණෙයි. ඔහු බලා සිටින්නේ ඇය එන තුරුය. නමුත් ඇය තවම නැත. ඔහු ඇය එන තුරු රැය පුරාම බලා සිටී. අවසානයේ ඔහු යන්නට පිටත් වන්නේ හෙටත් එන සිතිවිල්ලෙනි. හෙටවත් සඳ උදා වීමත් සමඟ ඇය මා සොයා ඒවී යන බලාපොරොත්තුව ඇතිව ඔහු නික්මෙයි. ඇත්තටම ඇය හෙට පැමිණෙයිද?

Akon- right now Na Na Na

Right Now Na Na



[Intro/Verse 1]
It's been so long,
that I haven't seen your face,
I'm trying to be strong,
but the strength I have is washing away.
it won't be long,
before I get you by my side,
& just hold you, tease you, squeeze you, tell you whats been on my mind.

[Chorus]
I wanna make up right now na na,
I wanna make up right now na na,
wish we never broke up right now na na,
we need to link up right now na na,
I wanna make up right now na na,
I wanna make up right now na na,
wish we never broke up right now na na,
we need to link up right now na na,

[Verse2]
Girl I know, mistakes were made between us two,
& we showed,
our eyes that night, even said somethings weren't true,
why'd you go?
I haven't seen my girl since then,
why can't it be the way it was,
cause you were my Homie, lover, and friend...

[Chorus]
I wanna make up right now na na,
I wanna make up right now na na,
wish we never broke up right now na na,
we need to link up right now na na,
I wanna make up right now na na,
I wanna make up right now na na,
wish we never broke up right now na na,
we need to link up right now na na,


[Bridge]
I can't lie, [miss you much]
watching everyday that goes by, [ I miss you much ]
til I get you back I'm gon' try, [ yes I miss you much ]
cuz you are the apple of my eye, [ girl I miss you much ]
I can't lie, [ I miss you much ]
watching everyday that goes by, [ I miss you much ]
til I get you back I'm gon' try, [ yes I miss you much ]
cuz you are the apple of my eye. [ girl I miss you much ]

[Chorus]
I wanna make up right now na na,
I wanna make up right now na na,
wish we never broke up right now na na,
we need to link up right now na na,
I wanna make up right now na na,
I wanna make up right now na na,
wish we never broke up right now na na,
we need to link up right now na na,

[Outro]
I want you to fly with me, [ want you to fly ]
I miss how you lie with me, [ miss how you lie ]
just wish you could dine with me, [ wish you could dine with me ]
the one that'll grind with me, [ said the one that will grind with me ]
I want you to fly with me, [ want you to fly ]
I miss how you lie with me, [ ohh miss how you lie ]
just wish you could dine with me, [ wish you could dine ]
the one that'll grind with me. [ ohh the one that'll grind]...

[Chorus]
I wanna make up right now na na,
I wanna make up right now na na,
wish we never broke up right now na na,
we need to link up right now na na,
I wanna make up right now na na,
I wanna make up right now na na,
wish we never broke up right now na na,
we need to link up right now na na,