Thursday, October 31, 2013

IKI GASA HANDANA (SAMANALA SANDWANI)

සමනල සංධ්වනිය




එය 1992 එක්තරා දිනකි. වදීෂ නම් වූ ඔහු සාමාන්‍ය පෙළ සිසුවෙකි. දිනක් අහම්බයෙන් ඔහු පාරේ වැටී තිබූ ලියුමක් අහුලා ගනී. එහි තිබුණේ පෙම්වතියක් තම පෙම්වතාට ලියූ පෙම් හසුනකි. (SMS යුගයට පෙර) එහි කියා තිබුණේ සෑම වසරකම මාර්තු 7 වන දා ඇය පෙම්වතා හමු වීමට කුමාරි උද්‍යානයට එන බවයි. තැපැල් කරුගේ නොහොඹිනා කම් නිසා මඟ වැටී ඇති ලිපිය ඇය වෙත නැවත ලබා දීමට වදීෂ තීරණය කරයි.

ඔහු මාර්තු 7 වන දා ලිපියේ තිබූ පරිදි කුමාරි උද්‍යානයට යයි. පැය ගනනාවක් බලා සිටියද තනිව සිටි කෙනෙකු සොයා ගත නොහැකි විය. ඔහු නැවත ආපසු යන්නට සැරසෙන විට වයස තිහක පමණ කාන්තාවක් පැමිණ බංකුවක හිඳ ගන්නා අයරු දකියි. මේ ඇයද කියා සැක සිතුනු ඔහු අසල තිබූ වෙනත් බංකුවක සිට ඇය දෙස බලා සිටින්නට විය. ඔහුට පැමිණි කරුණ අමතක වූවාක් මෙනි. ඔහුගේ සිතට මොන යම් හෝ අමුතු හැඟීමක් එන බව ඔහුට දැනෙයි. ඇය පැය ගණනක් එහි බලා සිට යන්නට විය. නිසැකවම මේ ලිපියේ සිටි පුණ්‍යාම බව ඔහුට හැඟුණි. ඔහුද ඈ පසු පස ඇගේ නවාතැන ආසන්නයටම පැමිණෙයි. නමුත් ඔහු ලිපිය දුන්නේ නැත.

මේ කතාව ආරම්භ වන්නේ මෙතැනින්ය. වදීෂ යනු වාදනය හා ගායනයට කුසලතාව උපතින්ම රැගෙන ආ අයෙකි. කාලය මෙසේ ගත වී යයි. පුණ්‍යා පිළිබඳ වදීෂ තුළ හට ගත් ගුප්ත ප්‍රේමය ඔහුටත් නොදැනීම ඔහු තුළ දළු ලා එන්නට විය. සැම විටම ඔහුට මතක් වන්නේ පුණ්‍යාවය. නමුත් ඔහුට නැවත ඇය හමු වූයේ නැත.

එය 1993 වර්ෂයේ මාර්තු 7 දිනය. වදීෂ නැවතත් කුමාරි උද්‍යානයට යන්නේ පුණ්‍යාගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. සිහිනයක් මෙන් ඇයද එදින පැමිණෙයි. නමුත් එදිනද ඔහු කරන්නේ පෙර දා මෙන් ඈත සිට ඈ දෙස බලා සිටීමය. එදිනද ඔහු ඇයට ලිපිය දීමක් හෝ ඈ සමඟ කතා කිරීමක් හෝ සිදු නොවේ. නමුත් වැදගත්ම සිදුවීම වන්නේ මේ සිද්ධිය වදීෂගේ වැඩිමහලු සොයුරාට ආරංචි වීමයි. එදින ඔහු සියළු සිදුවීම් සොයුරාට පවසන අතර ලිපිය සොයුරා ලබා ගනියි. ඔහු වදීෂට තරයේ අවවාද කර සියළු දෑ අමතක කර දමන ලෙස පවසයි.

වදීෂ වෙනස් වන්නේ මෙතැන් පටන්ය. ඔහු පුණ්‍යාව අමතක කරන අතර ජීවිතයද අමතක කර දමයි. පසුව ඔහු දැඩි ලෙස මතට ඇබ්බැහි වන අතර ලෝකයට වෛර කිරීමට පටන් ගනී.

දැන් මේ සිදුවීමෙන් වසර විස්සක් ගතවී ඇත. මේ වන විට වදීෂ ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතවේදියෙකි. ඔහු දැන් විවාහකයෙකි. නමුත් ඔහු තම බිරිඳට හා දරුවාට සලකන්නේ හතුරන්ට මෙනි. මීට හේතුව දන්නේ වදීෂගේ සොයුරා පමණි. දිනක් ඔහු වදීෂට වටිනා තෑග්ගක් ලබා දෙයි. ඒ අන් කිසිවක් නොව එදා ඔහුගෙන් උදුරාගත් පුණ්‍යාගේ ලිපියයි. වදීෂ නැවතත් අතීතයට දිව යයි. මාර්තු 7 වන දා ඔහු නැවත කුමාරි උද්‍යානයට යයි. මෙය අදහා ගත නොහැකි පුදුමයකි. පුණ්‍යා එදිනද එහි පැමිණ සිටියි. වෙනසකට ඇත්තේ එදා ඇගේ තිබූ තරුණ පෙනුම වෙනුවට අද සුදු හිසකේ ඇති මහළු කාන්තාවක් වීමය. වදීෂ ඇය වෙත ගොස් ඇයට කතා කරයි. ඇය ඔහුව හඳුනා ගන්නේ වදීෂ දේවමින්ද නම් සුප්‍රසිද්ධ කලාකරුවා ලෙසටයි. නමුත් එදින ඔහු ඇයට අතීත කතා පවසන්නේ නැත. ඔහුගේ ඒක පුද්ගල ප්‍රසංගයකට ඇයට ආරාධනා කරයි.

මේ ප්‍රසංගය පවත්වන දිනයයි. පුණ්‍යාද එයට පැමිණෙයි. එදින ඔහු ගයන්නේ මෙතෙක් කල් සිත තුළ සඟවාගෙන සිටි ඔහුගේ ගුප්ත ආදරය ගැනයි.

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම
යලි සොයනා

මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම
වගුරුවනා

මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා





Saturday, October 5, 2013

Adaraya Sundara Waradaki

සැබෑ ආදරය (ආදරය සුන්දර වරදකි)



ආදරය නොමැති ජීවිතයක් ලොව කොතනක හෝ ඇත්ද? අහිංසක පුද්ගලයාගේ සිට දරුණු පුද්ගලයා දක්වා හදේ කොතැනක හෝ යම් පමණක ආදරයක් ඇත. සාමාන්‍ය ලෝකයේ ආදරය යනු පෙම්වතුන්ගේ ආලයයි. නමුත් ආදරය යන වදන තුල ගැබ් වූ තවත් වදනක් ඇත. ඒ සෙනෙහසයි. ආදරය හා සෙනෙහස එකට එක් වූ තැන නම් සුන්දර පවුලයි.
නමුත් පෙම නැමැති වදනේ ගැබ් වූ ආදරයේ වැඩි අයිතිය පෙම්වතුන්ටය. පෙම්වතුන් යනු වෙනමම ලෝකයක මං මුලා වූ අසරණ පිරිසකි. මං මුලා වූ ඔවුන්ට තම දෙමාපියන් හිතවතුන් සියල්ල අමතකය. උපන් දා සිට තමා ලොකු මහත් කළ මව පියාට වඩා දින කිහිපයකට පෙර හමු වු පෙම්වතිය ඉහළය. ප්‍රේමයේ වරදක් නැත. නමුත් වංචා සහගත ගැහැණුන් සහ පිරිමින්ගෙන් පිරුණු සමාජයේ අවංක පෙමක් පතා කෙසේ ජීවත් වෙම්ද? තව අතෙකින් බැලූ කල ආදරය සුන්දර වරදකි. ටික කලක් පණට පණ මෙන් සිටින අය එක වරම තමා හැර ගොස් ඇත. හැර යාම වරදකි. හැර යන්නට සිතා ආලය කිරීම තවත් වරදකි. එනම් ආදරය සුන්දර වරදකි. නමුත් එයට සමාවක් දිය හැකිද? කෙනෙකුගේ දහසක් බලාපොරොත්තු සුනු විසුනු කරමින් වෙනතක් කරා යන කෙනා සැබෑ පෙම්වතෙක් හෝ පෙම්වතියක්ද? එසේ යන කෙනා ඊළඟට ලැබෙන ‍පෙම්වතා හෝ පෙම්වතියට කරන්නේද එයමයි. වඩාත් භයානක දෙය වන්නේ ඩබල් ගේම් දීමය. එනම් තම පෙම්වතාට හොරෙන් තවත් අනියම් පෙමක පැටලීමය. නමුත් එය අතටම හසු වූ විට වැරදිකරු අර අසරණ අවංක පුද්ගලයාය.

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති

එයින් පසු විඳවීම අරඹන්නේ ඒ අහිංසකයාමය. මුලදී ආලය පෙන්නා එයම මහත් දුකක් බවට පත් කිරීම ඇත්තෙන්ම සුන්දර වරදකි.
ඔහුට ඉතිරි වන්නේ අතීත මතකයන් පමණි. ඇගේ කාන්තිමත් නෙත් යුග හමුවේ අතරමං වූ ඔහු ඇඟේ දැහැනේ වෙලී සුව විඳි අයුරු මතකයන් දෙනෙත් අභියසට ගෙන එයි. ඇගේ නෙත පිනවන රුවට උන්මාද වූ ආදරය පිදූ අයුරු සිත යලි යලිත් විඳී. එදා ඇය පැවසුවේ කුමක්ද? රහසින් හෝ වෙනකෙකු දිහා නොබලන බවය. නමුත් සිදු වූයේ කුමක්ද?

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑගී
දැහැනේ වෙලී උන්මාද වූයේ මා
වෙනෙකකු දිහා බැළුමට යලි
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

මා තුරුලේ දැවටෙමින් පෙම් වදන් පවසමින් මා ගතේ වෙළුනු ඈ අද වෙනකෙකු සමඟය. පෙර දා මා හා අනුරාගීව පෙම් සුව විඳි ඇය අද කොහිද? වියෝ වූ පසුව සිතට දැනෙන මේ ලතැවුල් හද කම්පා කරවන කල්හි ඈ විලස මා සතුටින් සිටින්නේ කෙසේද? වෙනදා මට ලෝකයම සිටියත් අද මට මා පවා නැත.

පුළුලුර තලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නිම්නාදයේ අනුරා
හද ස්වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ



ආදරය සුන්දරයි. විටක වරදකට පෙරලෙයි. එවිට එයට සමාවක් දෙන්නේ කෙසේද?

Download here
http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1994/adaraya-sundara-waradaki-karunarathna-divulgane-sinhala-mp3.html

Wednesday, May 8, 2013

Eda meda thura


සොඳුරිය මට නොකියාම ගියා..!




දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ
මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ
දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න
වෙනවා...

ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට
බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න
ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!

මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා
නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ
අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක්
තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක්
වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය
ඤාතියාට ගෞරව කරන්න...

ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න
වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට
ගීතවත් වෙන්නෙ...
·
එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා

ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ


- උපුටා ගැනීමකි -

Monday, February 4, 2013

National Anthem


ශ්‍රී ලංකා ජාතික ගීය (සැමදාටම)





ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී..ලංකා, නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී, සුරැඳි අති සෝභමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා, ජීවනයේ මාතා
පිළිගනු මාන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී..ලංකා, නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා - ඔබමය අප සත්‍යා
ඔබ වේ අප ශක්තී - අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ - අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ - අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවකගෙ දරු කැළ බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී..ලංකා, නමෝ නමෝ නමෝ නමෝ මාතා

Sunday, February 3, 2013

Induwari tele drama theme song


INDUWARI TELEDRAMA






[Chorus]
-------------------------------------------------
Gm                                       F
නුහුරු නෙතු දැල් ඉරා... සිතක සිතුවම් වෙලා..
       Cm               F                     Gm
මා පාරනා තරම්..ආදරේ හැඟුම්..රහසේ...
Gm                        F
නාඳුනන ආදරේ..සෙනෙහෙ ලියකම් මවා..
         Cm                F                   Gm
මං මුලා වූ තරම්..ආදරේ හැඟුම්..අහසේ...


[Verse 1]
-------------------------------------------------
Gm
සිහින මානස විලේ...
F          Gm
ගිළුනු ඉඳුවර කැකුලී...
           C
මං දුරක වී බලා...
D       Cm     Gm
හිඳිමි පිපෙන තුරා...
      Cm
පෙති මත අතුරා..
     A#
සෙනෙහසක රටා..
F             Gm
මම මං  මුලා වෙලා...

[Verse 2]
-------------------------------------------------
Gm
සංහිදුනු ජීවිතේ...
F          Gm
දෙව් ලෙවෙකි මං තලේ...
              C
පිපෙමි මම පෙති විදා...
D      Cm     Gm
දිනෙක නුඹෙම වෙලා...
Cm
දෝතින්ම නෙලා..
    A#
සුරකිමි සැමදා..
F            Gm
මගෙ ආදරෙන් වෙලා...