සමනල සංධ්වනිය
එය 1992 එක්තරා දිනකි. වදීෂ නම් වූ ඔහු සාමාන්‍ය පෙළ සිසුවෙකි.
දිනක් අහම්බයෙන් ඔහු පාරේ වැටී තිබූ ලියුමක් අහුලා ගනී. එහි තිබුණේ පෙම්වතියක් තම
පෙම්වතාට ලියූ පෙම් හසුනකි. (SMS යුගයට පෙර) එහි කියා
තිබුණේ සෑම වසරකම මාර්තු 7 වන දා ඇය පෙම්වතා හමු වීමට කුමාරි උද්‍යානයට එන බවයි. තැපැල්
කරුගේ නොහොඹිනා කම් නිසා මඟ වැටී ඇති ලිපිය ඇය වෙත නැවත ලබා දීමට වදීෂ තීරණය කරයි.
මේ කතාව ආරම්භ වන්නේ මෙතැනින්ය. වදීෂ යනු වාදනය හා
ගායනයට කුසලතාව උපතින්ම රැගෙන ආ අයෙකි. කාලය මෙසේ ගත වී යයි. පුණ්‍යා පිළිබඳ වදීෂ
තුළ හට ගත් ගුප්ත ප්‍රේමය ඔහුටත් නොදැනීම ඔහු තුළ දළු ලා එන්නට විය. සැම විටම ඔහුට
මතක් වන්නේ පුණ්‍යාවය. නමුත් ඔහුට නැවත ඇය හමු වූයේ නැත.
එය 1993 වර්ෂයේ මාර්තු 7 දිනය. වදීෂ නැවතත් කුමාරි උද්‍යානයට
යන්නේ පුණ්‍යාගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. සිහිනයක් මෙන් ඇයද එදින පැමිණෙයි. නමුත්
එදිනද ඔහු කරන්නේ පෙර දා මෙන් ඈත සිට ඈ දෙස බලා සිටීමය. එදිනද ඔහු ඇයට ලිපිය දීමක්
හෝ ඈ සමඟ කතා කිරීමක් හෝ සිදු නොවේ. නමුත් වැදගත්ම සිදුවීම වන්නේ මේ සිද්ධිය
වදීෂගේ වැඩිමහලු සොයුරාට ආරංචි වීමයි. එදින ඔහු සියළු සිදුවීම් සොයුරාට පවසන අතර ලිපිය
සොයුරා ලබා ගනියි. ඔහු වදීෂට තරයේ අවවාද කර සියළු දෑ අමතක කර දමන ලෙස පවසයි.
වදීෂ වෙනස් වන්නේ මෙතැන් පටන්ය. ඔහු පුණ්‍යාව අමතක කරන
අතර ජීවිතයද අමතක කර දමයි. පසුව ඔහු දැඩි ලෙස මතට ඇබ්බැහි වන අතර ලෝකයට වෛර කිරීමට
පටන් ගනී.
දැන් මේ සිදුවීමෙන් වසර විස්සක් ගතවී ඇත. මේ වන විට වදීෂ
ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතවේදියෙකි. ඔහු දැන් විවාහකයෙකි. නමුත් ඔහු තම බිරිඳට හා
දරුවාට සලකන්නේ හතුරන්ට මෙනි. මීට හේතුව දන්නේ වදීෂගේ සොයුරා පමණි. දිනක් ඔහු
වදීෂට වටිනා තෑග්ගක් ලබා දෙයි. ඒ අන් කිසිවක් නොව එදා ඔහුගෙන් උදුරාගත් පුණ්‍යාගේ
ලිපියයි. වදීෂ නැවතත් අතීතයට දිව යයි. මාර්තු 7 වන දා ඔහු නැවත කුමාරි උද්‍යානයට
යයි. මෙය අදහා ගත නොහැකි පුදුමයකි. පුණ්‍යා එදිනද එහි පැමිණ සිටියි. වෙනසකට ඇත්තේ
එදා ඇගේ තිබූ තරුණ පෙනුම වෙනුවට අද සුදු හිසකේ ඇති මහළු කාන්තාවක් වීමය. වදීෂ ඇය
වෙත ගොස් ඇයට කතා කරයි. ඇය ඔහුව හඳුනා ගන්නේ වදීෂ දේවමින්ද නම් සුප්‍රසිද්ධ කලාකරුවා
ලෙසටයි. නමුත් එදින ඔහු ඇයට අතීත කතා පවසන්නේ නැත. ඔහුගේ ඒක පුද්ගල ප්‍රසංගයකට ඇයට
ආරාධනා කරයි.
මේ ප්‍රසංගය පවත්වන දිනයයි. පුණ්යාද එයට පැමිණෙයි. එදින
ඔහු ගයන්නේ මෙතෙක් කල් සිත තුළ සඟවාගෙන සිටි ඔහුගේ ගුප්ත ආදරය ගැනයි.
ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම
යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම
වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
http://www.yuthukama.com/2013/11/blog-post.html
ReplyDeleteමිනිස්සු හිතනව කාලාකරුවන්ට කොහෙන්ද මේ නිර්මාණ , ගී තනු එන්නේ කියලා. බිතෝවන් කිව්වා ඒ සියල්ල අපට එන්නේ දෙවියන්ගෙන් කියලා. එහෙත් මා නම් කියන්නේ මේ සියල්ල අපට එන්නේ වේදනාවෙන් කියලා. මුතු ඇටයක් බවට පත් වෙන්නේ බෙල්ලෙක්ගේ බෙලි කටුව තුළ සිර වුන වැළි කැටයක වේදනාව.
ගඟන සරන්නට කියා..
ReplyDeleteසිඳුනු අත්තටු හඬයි..
දිරාපත් කොළ තිබෙයි..
විඩාපත් මං වගෙයි..
විඩාපත් මං වගෙයි..
කඳු කිණි රුපු වගේ..
රැයට ඉඩ දී යලි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ..
විඩාපත් මං වගෙයි..///
සමනලුන් යන මගේ...
සිහින විසිරී ගියේ..
බිඳුනු සිත් ගෙනෙනා...
මිහිරි ගීයක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ...
විඩාපත් මං වගෙයි..///
ගඟන සරන්නට කියා..
ගායනය : ඉන්දික රුවන්
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය : දර්ශන රුවන් දිසානායක
“සමනල සංධ්වනිය“ චිත්‍රපටයේ ගීතයක්
Hi..
ReplyDeleteI appreciate your interests about songs.. and i also created a blog like this. if you like.., pls visit..
http://masandumal.blogspot.com/
eya yanna giya makila gethaye theruma mokakkda
ReplyDelete