අසම්මත පෙම 




සඳකඩපහණක කැටයම් ඔපලා ගීතයට පසු වැඩිම පිරිසක් අරුත පිළිබඳ සොයා බලන ගීතය මෙයයි. ඇත්තෙන්ම එයටද විශේෂ හේතුවක් ඇත. අහන්නන් වාලේ ගීත ඇසුවද ගීතයක අරුත ගැන සොයා බලන්නේ තව කවුරුහරි ඉඟියක් දුන් විටය. මෙයද එවැනි ගීතයකි. ඔබ මෙම ගීතයේ අරුත සොයන්නේ කවුරුන් හෝ මේ ගීතය පිළිබඳව අමුතු ආකාරයේ අදහසක් දුන් නිසා බව මා දනිමි. එසේ නම් අපි ක්‍රමයෙන් ගීතය තුළට අවතීර්ණ වෙමු.

ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි

මේ පද ටික ඇසූ කල ඔබට අර ඉහත කියූ අමුතු ආකාරයේ අදහස පිළිබඳ කිසිම හැඟීමක් ආවේ නෑ නේද? සාමාන්‍යෙයන් හැඟී යන්නේ පෙම්වතෙක් තම පෙම පිළිබඳව ප්‍රකාශ කරන්නකි.

කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

තද අව්වට දැවෙන කාන්තාරයේ ඇති වැලි කැට ලොව දකින්නේ හිරුට පෙම් බඳින බවය. එය ලෝක සම්මතයයි. නමුත් මේ දැවෙන කාන්තාරයේ වැලි කැට කාලෙකින් ඇද හැලෙන මඳ වැස්සට පෙම් බඳී කියා ඔබ සිතනවාද? ලොවට නොපෙනුනාට ඉඳ හිට ඇද හැලෙන වැස්සට පෙම් බඳින වැලි කැට කතරේ තිබෙන්නට පුළුවනි. නමුත් කාටවත් එය තහනම් කළ හැකිද?

සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්

රාත්‍රී අහස පුරා විසිරී ඇති දහසක් තරු පිරි අහස ඒකාලෝක කරන්නේ සඳයි. එබැවින් සඳට පෙම් බඳින දහසක් තරු ලෝකයාට රහ සක් නොවේ. අප දන්නා තරමින් හිරුද තරුවකි. එසේ නම් තරු හිරුට පෙම් බැඳීම අසම්මත පෙමක් බව ඔබට වැටහෙන්නේ යැයි සිතමි.

සමස්ථයක් ලෙස ගත් කල මෙයින් කියවෙන්නේ ලොව සාමාන්‍යෙයන් සිදු නොවන ආකාරයේ ආදරයක් පිළිබඳවය. විටෙක ඉතා අසාමාන්‍ය වූ සම්මත ආදරයක් ගැනත් තවත් විටෙක ලෝක සම්මත නොවන සමලිංගික ආදරයක් ගැනද හැඟී යයි. සමලිංගික විවාහයන් නීතිගත කිරීමට යන කලෙක මේවාද අරුමයක් නොවේ. නමුත් මෙතරම් ගැහැණු පිරිමි ඉන්න සමාජයේ මෙවැනි දෑ අනුමත කළ නොහැක.



Artist



 -  Karunarathna Diwulgane 
Song   -  Gahaka Mal Pipila
Key   -  G   4/4


[Intro/Inter]
----------------------------------------
|-     |G   |-  |D/Eb |
|Caug  |Bm  |-  |A7   |
|D7    |G   |-  |-    |
|-     |G   |C  |D    |
|-     |D   |G  |

[Chorus]
----------------------------------------
G      Ebaug   Em
GAhaka mal pipila
        C            Am
Pipinne aida nodannemi
D               F#m
HIthaka mal pipila pipenne
  D7        G
Aida nodannemi
G      Ebaug      Em         
Nubata sitha bandune kimai ma
C              Am
Thawama nodannemi
D                  F#m
Numbata hitha badi kaarane ma
D7             G
thavama soyannemi

[Verse 1]
----------------------------------------
G
Kathare wali kata hiruta pem banda
       G7     C
Athath lo dahamen
D               Am
Sonduru wassata dawena katharath
D7           G
Aadarei pana men
G      Am               G
Lowata nopenena aruma senehasa
Am  G      D
E wagei manaram
         Am      G
Karanu bari tharanam

[Verse 2]
----------------------------------------
G
Sandata sadahata sene pa muth
         G7     C
Udula tharu katayam
D                Am
HIruta pem bandi ekata tharuwak
D7              G
Sitiya nohekida yam
G       Am             G
Numbata nohagena mage premaya
Am  G       D
E wagei manaram
       Am        G
Puduma wei numba nam