Tuesday, July 24, 2012

Mudu Muhune


මුදු මුහුණේ



සුභාවිත ගීතය සැමවිටම රසිකයාට ගෙන එන්නේ අප කවුරුත් එක හෙලා නොදකින ඔබේම ජීවිතවල නොදුටු පැතිකඩයන්ය. නමුත් එම ගීත රස විඳින කල, ගීතයේ ඇත්තේ කුමන අරුතක් දැයි අප කී දෙනෙකු අවධාරණයෙන් අසා ඇත්ද? එම ගීතවල අරුත ඉතා අවධාරණයෙන් සොයා බලන කල, එහි ඇත්තේ කෙතරම් ගැඹුරක්දැයි ඔබටම වැටහේ.
කරුණාරත්න දිවුල්ගනේ සමඟ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරන “මුදු මුහුණේ“ ගීතය ඒ අයුරින් කන වැකුණු අරුත්බර ගීතයකි. අසම්මත පෙමක නොපෙනෙන පැතිකඩ පිළිබඳව කෙරෙන විග්‍රහයකි. මෙහි ඇත්තේ අසම්මත ලෙස හමු වූ තරුණයෙක් හා තරුණියක් අතර ඇති වන කතාබහකි.
දිනක් හදිසියේම අහම්බයෙන් හමුවන තරුණ යුවලකි. ගීතයේ පැවසෙන අන්දමට තරුණිය පුර අඟනක් යැයි කිව හැකිය. තරුණයා මේ හමු වූ තරුණිය සමඟ අසම්මත පෙමක පැටලී ඇත. ඇය පෙනුමින් නෙත් සිත් ඇද ගන්නා රුවක් ඇත්තියකි. මනා රූ සපුවක් හා ආකර්ෂනීය වතකට හිමිකම් කියන ඇය කෙරේ නොඑන්නේ කෙළෙසද?
දෙදෙනා පෙමින් වෙලී සිටින අතරතුර තරුණයා තම හඬ අවදි කරයි. ඔහුගේ සිතේ ඇය කෙරේ ඇතිව ඇති ආලය තාවකාලික පෙමක් සඳහාම නොවීය.

මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ළඳුනේ මට විතරද?

ඔහු ඇගෙන් විමසනුයේ මෙවන් පෙමක් ඇති වූයේ ඔහු සමඟ පමණක්ද යන වගය. මෙවන් ළඳක් නිසැකවම අන් සතු බව ඔහු නොදන්නවා නොවේ. ඊට පිළිතුරු ලෙස තරුණියද තම හඬ අවදි කරන්නට විය.

ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද?

ඇයද ඔහු කවර අයෙකුදැයි දනී. ඇය කෙරෙහි පැමිණියා නම් ඔහු තව කිහිප දෙනෙකු කෙරෙහි ගොස් ඇති බවට ඈ අනුමාන කරන්නීය.
විවිධ අයුරින් දෙදෙනා අතර ඇති වන්නේ එම කරුණ පිළිබඳම කෙරෙන විමසුමකි.

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මම විතරද?
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මම විතරද?

ඉඟ නෙරියේ රැළි බින්දේ
ප්‍රිය ළඳුනේ මම විතරද?
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද?

දෙදෙනාටම සීමා මායිම් නොමැත. තරුණියට ඔහු තවත් එක් පිරිමියෙකු පමණි. තරුණයාටද ඇය තවත් එක් ගැහැණියක පමණි. එම සමාජයේ ස්වභාවය මෙයයි. පෙමක් ලෙස පෙනුනද ඇත්තේ බැඳීම්වලින් තොර අසම්මත පෙමකි. මෙම ගීතය සරල වදන් පෙලක් වටා ගෙතුනද සැඟවී ඇති අරුත සමාජය විවර කර පෙන්වයි.

3 comments:

  1. මේක මන් ගොඩක් ආස සින්ඩුවක්..
    මේකෙ ලොකු තෙරුමක් තියනව.. මේකෙ කියන දේවලුත් හරි ඒත් ඊට වඩා දෙයක් මේකෙතියනව..
    මන් කියන්නම් එටික... එ මන් දන්න විදිය.


    මුදු මුහුණේ සුව දැනුනේ
    ප්‍රියලදුනේ මට විතරද..

    එ අහන්නෙ පෙම්වතා තමන්ගෙ පෙම්වතියව සිපගන්නවනෙ ආදරෙන් ඉන්නකොට. ඒනිසා පෙම්වතා අහනව මේවගේ ඔයාව සිප ගත්තෙ මන් විතරමද කියල. ඒකයි ඒ ඇගට නොදැනි අහන්නෙ..

    ඔබෙ සුසුමේ සුව දැනුනේ
    හිමිසදුනේ මට විතරද..

    කොල්ල අර විදියට කෙල්ලගෙන් අහනකොට කෙල්ලත් පෙරලාම ප්‍රශ්නයක් අහනව. දෙන්න එකිනෙකා වැලදගෙන ඉන්නකොට කොල්ල උස නිසා(කොහොමත් ප්‍රෙමවන්තයොන්ගෙන් බොහෝ දෙනෙක් කෙල්ලට වැඩිය උසයි..කලාතුරකින් තමයි ඔය ආදරේට උස ප්‍රශ්නයක්නෑ කියල විවහ වෙන්නෙ.. එත් ඒක ලොකු ප්‍රශ්නය්ක් නෙවෙයි.. කොහොමත් සම්මතයක් විදියට කොල්ල උසයි කෙල්ලට වැඩිය) එහෙම වැලදගෙන ඉන්නකොට කොල්ලගෙ උස්ම උඩට අරන් පහලට දාන උස්ම පෙම්වතියගෙ බෙල්ලට රස්නෙට දැනෙනව. මේ කෙල්ල අහන්නෙ අන්න ඒක. ඒ ඔයාගෙ උනුසුම් සුසුමෙ සුවය දැනුනෙ මටම විතරද කියල කෙල්ල අහන්නෙ..

    පුලුලුකුලේ සුව යහනේ
    නිදි වැරුවේ විතරද..

    කොල්ල අහනව ඔයගෙ පුලුල් උකුලෙ මේවගෙ ඔලුව තියගෙන සුව වින්දෙ මන්විතරද කියල..

    උරතලයේ හිස රන්දා
    සුව වින්දේ මගෙ විතරද.

    කෙල්ල එතකොට අහනව මේවගේ උකුලක ඔලුව තියගෙන සුව වින්දෙ මගෙ විතරද කියල.

    ඉගනෙරියේ රැලි බින්දේ
    ප්‍රිය ලදුනේ මම විතරද.

    ඉගනෙරියෙ රැලි බිදිනව කියන්නෙ නිරුවත දකිනව කියන එක.. ඒකෙන් ලින්ගිකව එක්වෙන්ව කියන අරුතත් එනව එකත් මේකට සමානයි.. කොල්ල කෙල්ලගෙන් අහන්නෙ ඒකයි ඔයාගෙ නිරුවත දැක්කෙ මන් විතරද කියල..

    ඉගනෙරියේ රැලි සදුවේ
    හිමි සදුනේ මන් විතරද..

    දැන්කාලෙ වගෙ රාගයට මුල් තැනදුන්න ආදරයක් නෙවෙයි ඉස්සර තිබුනෙ.. ඒ රාගෙන් දෙන්න එක් උනත් නැවතත් නොවෙනස්ව ආදරෙන් ඉන්න්ව.. දැන්වගේ වැඩේ කරගෙන මාරුවෙන්නෙ නෑ..එම උනෙත් කලාතුරකින්.. ඉස්සර ඒම ඉගනෙරියෙ රැලි බින්ද වගේම කොල්ල කෙල්ලගෙ නෙරිය හදල යන්නෙ .. එකතයි ආදරය. කෙල්ල අහන්නෙ ඒකයි.. මගෙ නෙරියෙ රැලි හැදුව වගේ වෙන කාගෙවත් හදල තියන්වද කියල අහනව..

    ඇත්තටම මේක ගැඹුරු අරුතක් තියන ගීතයක්.. දෙන්නට දෙන්න එකිනෙකාගෙ පිරිසිදුකම හොයනව වගේ තමයි මේක.. එත් මේකේ වැදගත්ම දේ මේකෙ තියෙන්නෙ බූට් සොමියක් නෙවෙයි.. බූට් කාල අඩන සින්දුවක් නොවීමයි මේකෙ ලොකුම වැදගත්කම.

    ReplyDelete
  2. Me githaye thiyenne kasadabadapu dennek katha bahak own ownge parana dewal katha karanawa kolla ahanawa kellagen kalin yalu wela hitapu ewa gana kella kollagen ahanawa thawa hodata balanna man kiyana ewa hatida waradida kiyala

    ReplyDelete