Thursday, October 31, 2013

IKI GASA HANDANA (SAMANALA SANDWANI)

සමනල සංධ්වනිය




එය 1992 එක්තරා දිනකි. වදීෂ නම් වූ ඔහු සාමාන්‍ය පෙළ සිසුවෙකි. දිනක් අහම්බයෙන් ඔහු පාරේ වැටී තිබූ ලියුමක් අහුලා ගනී. එහි තිබුණේ පෙම්වතියක් තම පෙම්වතාට ලියූ පෙම් හසුනකි. (SMS යුගයට පෙර) එහි කියා තිබුණේ සෑම වසරකම මාර්තු 7 වන දා ඇය පෙම්වතා හමු වීමට කුමාරි උද්‍යානයට එන බවයි. තැපැල් කරුගේ නොහොඹිනා කම් නිසා මඟ වැටී ඇති ලිපිය ඇය වෙත නැවත ලබා දීමට වදීෂ තීරණය කරයි.

ඔහු මාර්තු 7 වන දා ලිපියේ තිබූ පරිදි කුමාරි උද්‍යානයට යයි. පැය ගනනාවක් බලා සිටියද තනිව සිටි කෙනෙකු සොයා ගත නොහැකි විය. ඔහු නැවත ආපසු යන්නට සැරසෙන විට වයස තිහක පමණ කාන්තාවක් පැමිණ බංකුවක හිඳ ගන්නා අයරු දකියි. මේ ඇයද කියා සැක සිතුනු ඔහු අසල තිබූ වෙනත් බංකුවක සිට ඇය දෙස බලා සිටින්නට විය. ඔහුට පැමිණි කරුණ අමතක වූවාක් මෙනි. ඔහුගේ සිතට මොන යම් හෝ අමුතු හැඟීමක් එන බව ඔහුට දැනෙයි. ඇය පැය ගණනක් එහි බලා සිට යන්නට විය. නිසැකවම මේ ලිපියේ සිටි පුණ්‍යාම බව ඔහුට හැඟුණි. ඔහුද ඈ පසු පස ඇගේ නවාතැන ආසන්නයටම පැමිණෙයි. නමුත් ඔහු ලිපිය දුන්නේ නැත.

මේ කතාව ආරම්භ වන්නේ මෙතැනින්ය. වදීෂ යනු වාදනය හා ගායනයට කුසලතාව උපතින්ම රැගෙන ආ අයෙකි. කාලය මෙසේ ගත වී යයි. පුණ්‍යා පිළිබඳ වදීෂ තුළ හට ගත් ගුප්ත ප්‍රේමය ඔහුටත් නොදැනීම ඔහු තුළ දළු ලා එන්නට විය. සැම විටම ඔහුට මතක් වන්නේ පුණ්‍යාවය. නමුත් ඔහුට නැවත ඇය හමු වූයේ නැත.

එය 1993 වර්ෂයේ මාර්තු 7 දිනය. වදීෂ නැවතත් කුමාරි උද්‍යානයට යන්නේ පුණ්‍යාගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. සිහිනයක් මෙන් ඇයද එදින පැමිණෙයි. නමුත් එදිනද ඔහු කරන්නේ පෙර දා මෙන් ඈත සිට ඈ දෙස බලා සිටීමය. එදිනද ඔහු ඇයට ලිපිය දීමක් හෝ ඈ සමඟ කතා කිරීමක් හෝ සිදු නොවේ. නමුත් වැදගත්ම සිදුවීම වන්නේ මේ සිද්ධිය වදීෂගේ වැඩිමහලු සොයුරාට ආරංචි වීමයි. එදින ඔහු සියළු සිදුවීම් සොයුරාට පවසන අතර ලිපිය සොයුරා ලබා ගනියි. ඔහු වදීෂට තරයේ අවවාද කර සියළු දෑ අමතක කර දමන ලෙස පවසයි.

වදීෂ වෙනස් වන්නේ මෙතැන් පටන්ය. ඔහු පුණ්‍යාව අමතක කරන අතර ජීවිතයද අමතක කර දමයි. පසුව ඔහු දැඩි ලෙස මතට ඇබ්බැහි වන අතර ලෝකයට වෛර කිරීමට පටන් ගනී.

දැන් මේ සිදුවීමෙන් වසර විස්සක් ගතවී ඇත. මේ වන විට වදීෂ ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතවේදියෙකි. ඔහු දැන් විවාහකයෙකි. නමුත් ඔහු තම බිරිඳට හා දරුවාට සලකන්නේ හතුරන්ට මෙනි. මීට හේතුව දන්නේ වදීෂගේ සොයුරා පමණි. දිනක් ඔහු වදීෂට වටිනා තෑග්ගක් ලබා දෙයි. ඒ අන් කිසිවක් නොව එදා ඔහුගෙන් උදුරාගත් පුණ්‍යාගේ ලිපියයි. වදීෂ නැවතත් අතීතයට දිව යයි. මාර්තු 7 වන දා ඔහු නැවත කුමාරි උද්‍යානයට යයි. මෙය අදහා ගත නොහැකි පුදුමයකි. පුණ්‍යා එදිනද එහි පැමිණ සිටියි. වෙනසකට ඇත්තේ එදා ඇගේ තිබූ තරුණ පෙනුම වෙනුවට අද සුදු හිසකේ ඇති මහළු කාන්තාවක් වීමය. වදීෂ ඇය වෙත ගොස් ඇයට කතා කරයි. ඇය ඔහුව හඳුනා ගන්නේ වදීෂ දේවමින්ද නම් සුප්‍රසිද්ධ කලාකරුවා ලෙසටයි. නමුත් එදින ඔහු ඇයට අතීත කතා පවසන්නේ නැත. ඔහුගේ ඒක පුද්ගල ප්‍රසංගයකට ඇයට ආරාධනා කරයි.

මේ ප්‍රසංගය පවත්වන දිනයයි. පුණ්‍යාද එයට පැමිණෙයි. එදින ඔහු ගයන්නේ මෙතෙක් කල් සිත තුළ සඟවාගෙන සිටි ඔහුගේ ගුප්ත ආදරය ගැනයි.

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම
යලි සොයනා

මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම
වගුරුවනා

මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා





Saturday, October 5, 2013

Adaraya Sundara Waradaki

සැබෑ ආදරය (ආදරය සුන්දර වරදකි)



ආදරය නොමැති ජීවිතයක් ලොව කොතනක හෝ ඇත්ද? අහිංසක පුද්ගලයාගේ සිට දරුණු පුද්ගලයා දක්වා හදේ කොතැනක හෝ යම් පමණක ආදරයක් ඇත. සාමාන්‍ය ලෝකයේ ආදරය යනු පෙම්වතුන්ගේ ආලයයි. නමුත් ආදරය යන වදන තුල ගැබ් වූ තවත් වදනක් ඇත. ඒ සෙනෙහසයි. ආදරය හා සෙනෙහස එකට එක් වූ තැන නම් සුන්දර පවුලයි.
නමුත් පෙම නැමැති වදනේ ගැබ් වූ ආදරයේ වැඩි අයිතිය පෙම්වතුන්ටය. පෙම්වතුන් යනු වෙනමම ලෝකයක මං මුලා වූ අසරණ පිරිසකි. මං මුලා වූ ඔවුන්ට තම දෙමාපියන් හිතවතුන් සියල්ල අමතකය. උපන් දා සිට තමා ලොකු මහත් කළ මව පියාට වඩා දින කිහිපයකට පෙර හමු වු පෙම්වතිය ඉහළය. ප්‍රේමයේ වරදක් නැත. නමුත් වංචා සහගත ගැහැණුන් සහ පිරිමින්ගෙන් පිරුණු සමාජයේ අවංක පෙමක් පතා කෙසේ ජීවත් වෙම්ද? තව අතෙකින් බැලූ කල ආදරය සුන්දර වරදකි. ටික කලක් පණට පණ මෙන් සිටින අය එක වරම තමා හැර ගොස් ඇත. හැර යාම වරදකි. හැර යන්නට සිතා ආලය කිරීම තවත් වරදකි. එනම් ආදරය සුන්දර වරදකි. නමුත් එයට සමාවක් දිය හැකිද? කෙනෙකුගේ දහසක් බලාපොරොත්තු සුනු විසුනු කරමින් වෙනතක් කරා යන කෙනා සැබෑ පෙම්වතෙක් හෝ පෙම්වතියක්ද? එසේ යන කෙනා ඊළඟට ලැබෙන ‍පෙම්වතා හෝ පෙම්වතියට කරන්නේද එයමයි. වඩාත් භයානක දෙය වන්නේ ඩබල් ගේම් දීමය. එනම් තම පෙම්වතාට හොරෙන් තවත් අනියම් පෙමක පැටලීමය. නමුත් එය අතටම හසු වූ විට වැරදිකරු අර අසරණ අවංක පුද්ගලයාය.

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති

එයින් පසු විඳවීම අරඹන්නේ ඒ අහිංසකයාමය. මුලදී ආලය පෙන්නා එයම මහත් දුකක් බවට පත් කිරීම ඇත්තෙන්ම සුන්දර වරදකි.
ඔහුට ඉතිරි වන්නේ අතීත මතකයන් පමණි. ඇගේ කාන්තිමත් නෙත් යුග හමුවේ අතරමං වූ ඔහු ඇඟේ දැහැනේ වෙලී සුව විඳි අයුරු මතකයන් දෙනෙත් අභියසට ගෙන එයි. ඇගේ නෙත පිනවන රුවට උන්මාද වූ ආදරය පිදූ අයුරු සිත යලි යලිත් විඳී. එදා ඇය පැවසුවේ කුමක්ද? රහසින් හෝ වෙනකෙකු දිහා නොබලන බවය. නමුත් සිදු වූයේ කුමක්ද?

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑගී
දැහැනේ වෙලී උන්මාද වූයේ මා
වෙනෙකකු දිහා බැළුමට යලි
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

මා තුරුලේ දැවටෙමින් පෙම් වදන් පවසමින් මා ගතේ වෙළුනු ඈ අද වෙනකෙකු සමඟය. පෙර දා මා හා අනුරාගීව පෙම් සුව විඳි ඇය අද කොහිද? වියෝ වූ පසුව සිතට දැනෙන මේ ලතැවුල් හද කම්පා කරවන කල්හි ඈ විලස මා සතුටින් සිටින්නේ කෙසේද? වෙනදා මට ලෝකයම සිටියත් අද මට මා පවා නැත.

පුළුලුර තලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නිම්නාදයේ අනුරා
හද ස්වර පවා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ



ආදරය සුන්දරයි. විටක වරදකට පෙරලෙයි. එවිට එයට සමාවක් දෙන්නේ කෙසේද?

Download here
http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1994/adaraya-sundara-waradaki-karunarathna-divulgane-sinhala-mp3.html