මුදු මුහුණේ
සුභාවිත ගීතය සැමවිටම රසිකයාට ගෙන එන්නේ අප කවුරුත් එක
හෙලා නොදකින ඔබේම ජීවිතවල නොදුටු පැතිකඩයන්ය. නමුත් එම ගීත රස විඳින කල, ගීතයේ
ඇත්තේ කුමන අරුතක් දැයි අප කී දෙනෙකු අවධාරණයෙන් අසා ඇත්ද? එම ගීතවල අරුත ඉතා
අවධාරණයෙන් සොයා බලන කල, එහි ඇත්තේ කෙතරම් ගැඹුරක්දැයි ඔබටම වැටහේ.
කරුණාරත්න දිවුල්ගනේ සමඟ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා
කරන “මුදු මුහුණේ“ ගීතය ඒ අයුරින් කන වැකුණු අරුත්බර ගීතයකි. අසම්මත පෙමක නොපෙනෙන
පැතිකඩ පිළිබඳව කෙරෙන විග්‍රහයකි. මෙහි ඇත්තේ අසම්මත ලෙස හමු වූ තරුණයෙක් හා
තරුණියක් අතර ඇති වන කතාබහකි.
දිනක් හදිසියේම අහම්බයෙන් හමුවන තරුණ යුවලකි. ගීතයේ
පැවසෙන අන්දමට තරුණිය පුර අඟනක් යැයි කිව හැකිය. තරුණයා මේ හමු වූ තරුණිය සමඟ
අසම්මත පෙමක පැටලී ඇත. ඇය පෙනුමින් නෙත් සිත් ඇද ගන්නා රුවක් ඇත්තියකි. මනා රූ
සපුවක් හා ආකර්ෂනීය වතකට හිමිකම් කියන ඇය කෙරේ නොඑන්නේ කෙළෙසද?
දෙදෙනා පෙමින් වෙලී සිටින අතරතුර තරුණයා තම හඬ අවදි
කරයි. ඔහුගේ සිතේ ඇය කෙරේ ඇතිව ඇති ආලය තාවකාලික පෙමක් සඳහාම නොවීය.
මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ළඳුනේ මට විතරද?
ඔහු ඇගෙන් විමසනුයේ මෙවන් පෙමක් ඇති වූයේ ඔහු සමඟ පමණක්ද
යන වගය. මෙවන් ළඳක් නිසැකවම අන් සතු බව ඔහු නොදන්නවා නොවේ. ඊට පිළිතුරු ලෙස
තරුණියද තම හඬ අවදි කරන්නට විය.
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද?
ඇයද ඔහු කවර අයෙකුදැයි දනී. ඇය කෙරෙහි පැමිණියා නම් ඔහු
තව කිහිප දෙනෙකු කෙරෙහි ගොස් ඇති බවට ඈ අනුමාන කරන්නීය.
විවිධ අයුරින් දෙදෙනා අතර ඇති වන්නේ එම කරුණ පිළිබඳම
කෙරෙන විමසුමකි.
පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මම විතරද?
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මම විතරද?
ඉඟ නෙරියේ රැළි බින්දේ
ප්‍රිය ළඳුනේ මම විතරද?
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද?
දෙදෙනාටම සීමා මායිම් නොමැත. තරුණියට ඔහු තවත් එක්
පිරිමියෙකු පමණි. තරුණයාටද ඇය තවත් එක් ගැහැණියක පමණි. එම සමාජයේ ස්වභාවය මෙයයි.
පෙමක් ලෙස පෙනුනද ඇත්තේ බැඳීම්වලින් තොර අසම්මත පෙමකි. මෙම ගීතය සරල වදන් පෙලක්
වටා ගෙතුනද සැඟවී ඇති අරුත සමාජය විවර කර පෙන්වයි.