Monday, January 16, 2012

Sandakada Pahanaka Katayam Opala - Sunil Edirisinghe


සඳකඩ පහණක.................අරුත් සරු ගීයකි!



හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.
ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය. කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි වුව ද එකී අරුත් දැක්වීම් පිළිබඳව සෑහීමකට පත් නොවීමි. විවිධ පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දැරූ උත්සාහයන් ද වරින් වර දැකගත හැකි විය. එහෙත් පසු කලෙක චිත්‍රපටය නැරැඹූ පසු, මඳක් සංකීර්ණ වුව ද, 'සඳකඩපහණක' ගීතය, චිත්‍රපටයෙහි අන්තර්ගතය හා මනා ලෙස ආබද්ධ වූ පරිපූර්ණ 'අරුත් පුන්' ගේය පද රචනයක් බව අපට පිළිගත හැකි විය. මාතර ආච්චි චිත්‍රපටය දිගු කලක් අස්ථාන ගතව තිබීම ද මෙම ගීයෙහි අරුත සපුරා වටහා ගැනීමට කිසියම් බාධාවක්ව පවතින්නට ඇතැයි සිතිය හැකිය.

මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි.


සඳකඩපහණක කැටයම් ඔපලා

පාවෙන දේදුනු ලැගුම් ගනී

කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ

සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.


යුගයෙන් යුගයට නොමියෙන දහමක

දිවියක පදනම මතුවෙද්දී

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී

ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.

එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.


දහසක් පෙති මත රහසක් කොඳුරා

තුඩින් තුඩට ගෙන යන බිංදු

ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ


මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.


හද විල ඉපැදුණු කැකුළක් නොකලට

නටුවෙන් ගලවා දුරක යවා

මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා

ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැඳුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටියි බලා


ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.

මේ අනුව 'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි.


Download here http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2561


උපුටා ගැනීමකි.

-කොට්ටාවේ සමිත හිමි
[පළමු වසර - සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය, මිහින්තලය.]

66 comments:

  1. කාලයක් තිස්සෙ හරි තේරුමක් නොදැන තේරුම සොයමින් සිටියෙමි. ඔබ එය බොහෝ දුරට වටහාගෙන ඇති හැඩයි...ස්තූතියි...

    ReplyDelete
  2. මතුපිටින් පෙනෙනා අරුථට වඩා ගැඹුරු අරුථක් මෙහි ගැබ් වී ඇති බව වැටහුණි.

    ReplyDelete
  3. දිනක් අපේ පාසලේ සාහිත්‍ය දිනයකට සහභාගී වූ රත්න ශ්‍රී විජේසිංහයන් මේ සින්දුවට පැහැදිලි තේරුමක් නැතැයි පැවසු බව මට තාම මතකය. :)

    ReplyDelete
  4. thanks. godak kal indan hoya hoya hitiye theruma mokakda kiyala. 'Mathara Achchi' film eka hoyandath try kala. ekath hari giye ne.
    meaning eka kiwwata bohoma pin.

    ReplyDelete
  5. Cannot agree. This song is about and prostitute, People who come to her and her little child.

    ReplyDelete
    Replies
    1. No, I don't think so. Just listening to song we can tell lot of meanings. But if we consider about the background of this song, it is written for movie named "Mathara achchi". There is nothing on the movie that we cant join to prostitute.

      Delete
  6. kalayak mage hithata ekaga wenna puluwan meaning ekak man me me song ekata hewwa..eth hamoma dunna meanings wenas..mage hithata hari yana meaning ada labna..hugak thanx..harima pahadiliwa meanng kalata..

    ReplyDelete
  7. සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

    සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...

    සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී.....
    තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට,

    කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී...
    මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.

    සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
    ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා

    යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
    මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

    දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
    ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

    අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
    මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

    ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
    පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

    හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
    තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

    මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
    මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

    ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා
    රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
    මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.



    -උපුටා ගත්තකි-

    ReplyDelete
    Replies
    1. yeahh this is the correct one.. :D

      Delete
    2. Its amazing to see two equally beautiful meanings or perceptions for the same song.....AMAZING....

      Delete
    3. This is the correct meaning of the song.

      Delete
    4. There is no so called 'correct meaning'. This is literature and its freedom is endless.

      Delete
    5. This is not the correct meaning of this song suresh..

      Delete
    6. Me sinduwe harima theruma meka.

      Delete
    7. මං අහලා තියෙන්නෙත් ඔය තේරැම තමයි

      Delete
    8. මමත් ඕක තමයි අහලා තියෙන්නේ. මට හිතෙන්නෙ හරි තේරුම ඒකයි

      Delete
    9. sinhala song wala thrum thiyena web ikak kiyanna ko

      Delete
    10. This is not the correct meaning

      Delete
    11. https://www.youtube.com/watch?v=EMqRVczUZPs

      Matara achchi film. This song appeared in this film. This meaning is cheap to fit in that film context.

      Delete
    12. ඔව් මේක තමයි හරි අරුත

      Delete
    13. එතකොට "ගව්වක් ඉහලට ගොනු කොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ" කියන කොටසේ තේරුම මොකක්ද?

      Delete
  8. මෙම ගීතයේ තේරුම ගායකයා විසින්ම අදර කතාවක් බව විස්තර කරන ලදී. ඔහු මෙය පැවසුවේ රුපවාහිනි වැඩසටහනකදීය .
    මෙය විකාර අදහසක් ඇති ගීයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. Can you please explain whats the විකාර අදහස ?

      Delete
    2. https://www.youtube.com/watch?v=EMqRVczUZPs

      Delete
  9. මෙය ඔහු විසින් ගායනා කරන ලද්දේ මාතර ආච්චි චිත්‍රපටය සඳහාය. එහිද ඇත්තේ ආදර කතාවකි.

    ReplyDelete
  10. thank you oyage blog site eka thawath wadi diyunu wenna kiyaa mama prarthana karanawa mama kiyanne thawath meware therum dannna kalaya welelawa ida salasewa yannaya

    ReplyDelete
  11. thanks for yr correct meaning of the this song

    ReplyDelete
  12. im in search of these kinds of pages.. the real meaning of songs.. so any one know some other pages, please let me know. :)

    ReplyDelete
  13. me sinduwe athathama theruma nam oya ganikawak gana newei! Suresh-RoG has published a fake meaning for the song. Please delete it!

    ReplyDelete
  14. Cha Wi: සාහිත්‍යයේ මතුපිට අර්ථයක් මෙන්ම ගැඹුරට කිඳා ගිය අර්ථයක්ද ඇත. බ්ලොග් අඩවියේ ඉහලින්ම ඇත්තේ ඒ මතුපිට අදහසයි. Suresh-RoG පළ කර ඇත්තේ ගැඹුරු අර්ථයයි. තවද විචාර කිරීමේ නිදහස කතුවරයා සතුය..

    ReplyDelete
  15. තමන්ට ඔය සින්දුවට ඕනෑම අර්ථයක් ලබාදෙන්න පුළුවන්
    උදාහරණයකට සිතන්න පොතක් කියවන විට තමන් ලැබූ අත්දැකීම් මත චිත්ත රූප මවා ගැනීමට හැකියාව ලැබේ.

    ReplyDelete
  16. Totally wrong meaning, its about a prostitute who has a child

    ReplyDelete
  17. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරෙක පවසා තිබුණේ මෙය රචනා කළ රචකයා පවා මෙහි අරුත දැන නොසිටි බවයි.

    ReplyDelete
  18. මමත් දන්න කියන හැම කෙනගෙන්ම මේ සින්දුවේ තේරුම ඇහුවා. කාටවත් පුළුවන් උනේ නෑ මේකේ තේරුම කියල දෙන්න . ඉතින් මම තේරුම හොයන එක අතහැරිය. අවුරුදු 8 කට විතර පස්සේ මේ බ්ලොග් එක මම දැක්කේ . ඇත්තටම බොහොම ස්තුති උත්සාහයට .

    ReplyDelete
  19. Meka waradi...
    Meke thiyenne wena arthayak....

    ReplyDelete
  20. Meka waradi...
    Meke thiyenne wena arthayak....

    ReplyDelete
  21. ආදර ගීතයක්. ගායකයා පැවසූ විදියට ඒක නිවැරදියි.වෙනස් විදියකට හිතෙන අයත් ඉන්නව.

    ReplyDelete
  22. ආදර ගීතයක්. ගායකයා පැවසූ විදියට ඒක නිවැරදියි.වෙනස් විදියකට හිතෙන අයත් ඉන්නව.

    ReplyDelete
  23. ආදර ගීතයක්. ගායකයා පැවසූ විදියට ඒක නිවැරදියි.වෙනස් විදියකට හිතෙන අයත් ඉන්නව.

    ReplyDelete
  24. Blog එකේ තියෙන්නේ මතුපිටින් බැලුවම තේරෙන අරුත. ඒත් සුරේශ් දීලා තියෙන උත්තරේ ගැඹුරු අරුතක් තියන හරි තේරුම කියලා හිතන්න පුලුවන්.

    ReplyDelete
  25. Aththatma math me gena Hauwa anthimw hambuna

    ReplyDelete
  26. Agree with Suresh. Sunil Edirisinghe explain the same in a live concert.

    ReplyDelete
  27. ..ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි....

    ReplyDelete
  28. thanks im satisfied with bougth of meaning

    ReplyDelete
  29. Please enjoy. Don't argue. Life is shorter than we think

    ReplyDelete
  30. Samasthayaklesa gathkala meya ek raamuwakata kotu nouu wisala parasayaka pathirunu aruthbara geeya pada rachanayak lesa mata sithe...

    ReplyDelete
  31. හීනයක් ඇතුලේ හීනයක්. අවශ්‍යනම් මතුපිට සිහිනය රසවිඳින්න.අවශ්‍යනම් ඉන් එහාට ගොස් සිහිනය ඇතුලේ සිහිනය රස විඳින්න. ඊටත් එහාට යාමට අවශ්‍යනම්, සිහිනයක් ඇතුලේ සිහිනයක් ඇතුලේ සිහිනයකට ගොස් එය රසවිඳින්න. ��

    ReplyDelete
  32. siththam karamin manase obe ruwa.... dayan vitharana...

    ReplyDelete
  33. Ada thamai hari theruma danagaththe. Marama therumak thiyana sinduwak.

    ReplyDelete
  34. Film eke thiyenneth adara kathawak... A nisa mekata yatin thiyana gamburu arathaya kiyala oya samaharu kiyana eka waradiy... Eeka gamburu eka kiyala eyala kiyanna eyala eken dakinna asa de... Ow oona kenekta nidahasa thiyanawa kamathi widiyata therum ganna... Eth meka liyala thiyana aya kiyala thiyana aya meka yodagaththe "maathara aachchi" film eke ara kalin kiwwa awsathawata... Ganikawak gana wenna ba meka a nisa... A adahasa hithagena ahuwama meka ehema hithunata yodagaththu awsthawa salakuwama niyama adahasa therei...

    ReplyDelete
  35. theruma danaganna nam Rachakayage adahsai awashya.. wenath ayage manakkalpithayan nowe.. kotharam sithivili adaahas thibunath sathaya yanu ekak pamanai..samajagatha wiya yutthe eyai.

    ReplyDelete
  36. එක රේඩියෝ programme එකකදි ගීතයෙ අරචකයාගෙන් ඇහුවම ඒයත් කියුවෙ එහෙම විශේශ තෙරුමක් තියන සින්දුවක් නෙවෙයි ච්ත්‍රපටියෙ රූපරාමුත් එක්ක ගලපලා නිකම් ලියුව ගීතයක් කියල...

    ReplyDelete