Wednesday, December 21, 2011

Gahaka Mal Pipila by Karunarathna Diulgane

අසම්මත පෙම 




සඳකඩපහණක කැටයම් ඔපලා ගීතයට පසු වැඩිම පිරිසක් අරුත පිළිබඳ සොයා බලන ගීතය මෙයයි. ඇත්තෙන්ම එයටද විශේෂ හේතුවක් ඇත. අහන්නන් වාලේ ගීත ඇසුවද ගීතයක අරුත ගැන සොයා බලන්නේ තව කවුරුහරි ඉඟියක් දුන් විටය. මෙයද එවැනි ගීතයකි. ඔබ මෙම ගීතයේ අරුත සොයන්නේ කවුරුන් හෝ මේ ගීතය පිළිබඳව අමුතු ආකාරයේ අදහසක් දුන් නිසා බව මා දනිමි. එසේ නම් අපි ක්‍රමයෙන් ගීතය තුළට අවතීර්ණ වෙමු.

ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි

මේ පද ටික ඇසූ කල ඔබට අර ඉහත කියූ අමුතු ආකාරයේ අදහස පිළිබඳ කිසිම හැඟීමක් ආවේ නෑ නේද? සාමාන්‍යෙයන් හැඟී යන්නේ පෙම්වතෙක් තම පෙම පිළිබඳව ප්‍රකාශ කරන්නකි.

කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

තද අව්වට දැවෙන කාන්තාරයේ ඇති වැලි කැට ලොව දකින්නේ හිරුට පෙම් බඳින බවය. එය ලෝක සම්මතයයි. නමුත් මේ දැවෙන කාන්තාරයේ වැලි කැට කාලෙකින් ඇද හැලෙන මඳ වැස්සට පෙම් බඳී කියා ඔබ සිතනවාද? ලොවට නොපෙනුනාට ඉඳ හිට ඇද හැලෙන වැස්සට පෙම් බඳින වැලි කැට කතරේ තිබෙන්නට පුළුවනි. නමුත් කාටවත් එය තහනම් කළ හැකිද?

සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්

රාත්‍රී අහස පුරා විසිරී ඇති දහසක් තරු පිරි අහස ඒකාලෝක කරන්නේ සඳයි. එබැවින් සඳට පෙම් බඳින දහසක් තරු ලෝකයාට රහ සක් නොවේ. අප දන්නා තරමින් හිරුද තරුවකි. එසේ නම් තරු හිරුට පෙම් බැඳීම අසම්මත පෙමක් බව ඔබට වැටහෙන්නේ යැයි සිතමි.

සමස්ථයක් ලෙස ගත් කල මෙයින් කියවෙන්නේ ලොව සාමාන්‍යෙයන් සිදු නොවන ආකාරයේ ආදරයක් පිළිබඳවය. විටෙක ඉතා අසාමාන්‍ය වූ සම්මත ආදරයක් ගැනත් තවත් විටෙක ලෝක සම්මත නොවන සමලිංගික ආදරයක් ගැනද හැඟී යයි. සමලිංගික විවාහයන් නීතිගත කිරීමට යන කලෙක මේවාද අරුමයක් නොවේ. නමුත් මෙතරම් ගැහැණු පිරිමි ඉන්න සමාජයේ මෙවැනි දෑ අනුමත කළ නොහැක.



Artist





  -  Karunarathna Diwulgane 
Song   -  Gahaka Mal Pipila
Key   -  G   4/4


[Intro/Inter]
----------------------------------------
|-     |G   |-  |D/Eb |
|Caug  |Bm  |-  |A7   |
|D7    |G   |-  |-    |
|-     |G   |C  |D    |
|-     |D   |G  |

[Chorus]
----------------------------------------
G      Ebaug   Em
GAhaka mal pipila
        C            Am
Pipinne aida nodannemi
D               F#m
HIthaka mal pipila pipenne
  D7        G
Aida nodannemi
G      Ebaug      Em         
Nubata sitha bandune kimai ma
C              Am
Thawama nodannemi
D                  F#m
Numbata hitha badi kaarane ma
D7             G
thavama soyannemi

[Verse 1]
----------------------------------------
G
Kathare wali kata hiruta pem banda
       G7     C
Athath lo dahamen
D               Am
Sonduru wassata dawena katharath
D7           G
Aadarei pana men
G      Am               G
Lowata nopenena aruma senehasa
Am  G      D
E wagei manaram
         Am      G
Karanu bari tharanam

[Verse 2]
----------------------------------------
G
Sandata sadahata sene pa muth
         G7     C
Udula tharu katayam
D                Am
HIruta pem bandi ekata tharuwak
D7              G
Sitiya nohekida yam
G       Am             G
Numbata nohagena mage premaya
Am  G       D
E wagei manaram
       Am        G
Puduma wei numba nam

34 comments:

  1. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Ow. Mrs. Jananaki Sumithra said that it's a total lie. She the lyricist.

      Delete
  2. මෙයින් කියවෙන්නේ සමලිංගිකත්වය ගැන නොවන බව එහි ගේය පද රචිකාව පවසා ඇත. මෙහි ඇත්තේ මා විසින් දුන් වෙනත් අරුථකි.

    ReplyDelete
    Replies
    1. When you say real meaning it should be the real meaning. That means you have to get the meaning of the song from the author if he or she is living. That's what we want. Otherwise you mislead us. Anybody can give a false meaning.

      Delete
  3. Please submit real meaning of the song.anyone can have their own meanings

    ReplyDelete
  4. නැහැ මේ කියවෙන්නේ සමරිසි පෙමක් ගැනමයි. ඇයි මේ තරම් සමාජය ඔහුනට අසාධාරණ කම් කරන්නේ.. ඒ අයට ආදරේ ලබන්න සතුටින් පවුලක් වෙලා ජිවත් වෙන්න ආසාවක් ඇති නේද? Straight අයට ඒ අයගෙන් කරදරයක් නෑ නේද ඉතින් සමරිසියන්ට නිදහසේ ඒ ගමන යන්න ඉඩ දෙන්න. මේ විවාහයන් කරගන්න බැරිව මොනතරම් මානසිකව වැටිලා ඇත්ද? පව් අපි ඒ අයව කොටු කරලා තහංචි දලා වගේ. හිර කරලා වගේ. මොනතරම් සමාජයේ හිරිහැර වලට ලක් වෙනවාද? ඔහුනුත් මනුෂ්‍යයෝ ඒ නිසා දයානුකම්පවේ න් ඒ අය දෙස බලමු.... ඔහුන් ට සුදුසු පරිසරයක් හදමු..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. ඇයි මෙම ගීතය සමලිංගිකත්වය ගැන පවසනවා කියන්නෙ? මෙහි කතාකරන්නෙ පොදුවේ අපි දකිනා ආදරයෙන් පිටතට ගිය තත්ත්වයන් යටතේ ඇතිවන ආදරයක්. උදාහරණයක් විදියට සංකාරා චිත්‍රපටයේ ආදර කතාව, නිසල විල ටෙලිනාට්‍ය ආදර කතාව, ලොලීටා බටහිර චිත්‍රපට්යේ ආදර කතාව... මෙහි ගීත රචිකාවියගේ ගීතවලට මා බෙහෙවින් කැමතී. මෙය සාමාන්‍යෙන් අපට ගෝචර වන ආදරයන්ට වඩා දුලබ ආදරයක් ගැනයි කියවෙන්නෙ. එහෙම නැතුව පටු විදියට හිතලා ගීතයට අවමන් කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. සමරිසි අරුතක් තියනව කියල ඒ සිංදුවට අවමානයන් වෙන්නෑ නේද. මොකද සමරිසි පුද්ගලයො කියන්නෙත් මනුෂ්‍යයෝ. ඒත් ආදරේ කරන්නෙ වෙනස් විදිහට.
      මම නම් සමරිසි බාවයෙ වැරැද්දක් දකින්නෙ නෑ මොකද ඒ එයාලගෙ කැමැත්තනෙ. ඇයි අපි විරුද්ද වෙන්නෙ.

      Delete
  6. amaradewa mahaththayage kalee gahaka mal pipilaa song eke mewage ekak daamuko sahodaraya

    ReplyDelete
  7. ඔය තේරුම වැරදි ඔය ගීතය ලියල තියන යමුනා මලානි පෙරේරා මහත්මියම කියනවා ඕකෙන් කියවෙන්නේ සම්මත ප්‍රේමයක් ගැන කියල. එක නිසා ඔය තේරුම වැරදි සහ ගීතයට කරන අසාධාරණයක්.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඕන පොඩි එකෙක්ට තේරෙනව. සමලිංගික ප්‍රේමය ගැන සිංදුවෙන් කියලා තියෙන්නෙ. ආයි ඒ ගැන තර්කයක් නෑ. අනිත් එක මේ ගීතය එක්තරා සත්‍ය සිද්ධියක් අලලා රචනා වූවක්. කෝ.. ඒ ගැන සටහනක් නෑනෙ?

    ReplyDelete
  10. යමුනා මලානි පෙරේරා මහත්මියම කියනවා ඕකෙන් කියවෙන්නේ සම්මත ප්‍රේමයක් ගැන කියල. එක නිසා ඔය තේරුම වැරදි සහ ගීතයට කරන අසාධාරණයක්.

    ReplyDelete
  11. Plz mata oyagen udawwak oni iwan paulusha song ekatat me wage article ekak dannako

    ReplyDelete
  12. Mta gamata enna gamata enna kurulu pihatuwak ewanna

    ReplyDelete
  13. pirimiyek gahaniyak badinna onima kiyala minissu hadagatta sammatayak witarai. anika lankawe okkoma horata kollo gahana eka hodai. ane redda tama. pirimiyekta pirimiyek gana adarayak atiwenawanam katawat mokada tiyena amaruwa. sudda wantai kiyana minissu karana tarama balu wada kupadikam samarisi un karanne ne. debidi jiwita gatakarana pirimi samarisi adara andarayata adala wenne ne.

    ReplyDelete
  14. මෙම ගීතයේ ගීත රචිකාව පුවත්පතක කියල තිබුනා මෙහි වස්තු බීජය ගැන. එහි විදියට මාධ්‍ය වේදිනියකට නොදැක පෙම් බැදි පාඨකයෙකු ගේ කථාවක් ඇසුරින් පද රචනය නරල තියෙන්නේ .

    ReplyDelete
  15. I didnt know that gahaka malpipila sonng was about same sex love , hmmm... ������
    Now i think about it , some way it could means like that ��, wow!!!

    ReplyDelete
  16. https://www.youtube.com/watch?v=crhSTGKj0vw

    ReplyDelete
  17. ගීතයක් ලීවට පස්සෙ ඒක අහල ග්‍රහනය කර ගන්න ආකාරය අනුවයි ඒක විග්‍රහ කරන්නෙ. ඒකෙ සාදාරන අසාදරන කම් හොයන්න බැහැ වෙන කෙනෙක්ට. අඩුම තරම් කර්තෲට වත් බෑ ඒ විචාරයට එරෙහි වෙන්න. ඒක ඕනිම සාහිත්‍යයක ලක්ශනයක්. කෙනෙක් හිතෙන දේ තව කෙනෙක්ට වෙනස් විදියකට හිතෙන්නෙ පුලුවන්. ඒක දැනුම. අවබෝදය අත්දැකීම් මත පදනම් වන ලක්ශනයක්. ඒකටයි විචාරය කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. OF COURSE IT IS. That is what we call literature..... sahithya nirmanayak rasa widinne thamanta penena danena widiyata katawath eka thahanam karanna ba...... anika api sinduwaka meaning eka apima ahala ape widiyata therum ganna ekai hodama de... nathuwa kagenwath eke theeruma ahanna epa...mokada e theruma pudgalabaddai...ewagema swadinai..... thnx

      Delete
    2. “Then there is the other secret. There isn't any symbolism. The sea is the sea. The old man is an old man. The boy is a boy and the fish is a fish. The shark are all sharks no better and no worse. All the symbolism that people say is shit. What goes beyond is what you see beyond when you know.”
      - අර්නස්ට් හෙමින්ග්වේ, "මහල්ලා සහ මුහුද" ගැන 🤭

      Delete
  18. api hagumwalata - Victor rathnayak

    ReplyDelete
  19. මේක හිමි නැති ආදරයක් ගැනනෙ කියන්නෙ. ඒක සමරිසි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
    මගේ අදහස මේක සමාජ විෂමතාවය නිසා අහිමි ආදරයක් කියලා.
    "සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්"
    දුප්පත් කෙනෙක් ආදරේ කරන්න ඕනෙ තයන්ට ගැළපෙන කෙනෙකුට. ඒත් කුමාරිකාවට ආදරේ කරන්න දුප්පතෙකුට බැරිද? මම දැකපු අර්ථය ඒකයි.

    ReplyDelete
  20. මේ මට මේ ගීතය දැනෙන හැටි , එත් දන්නෙන දේ වචනෙන් හරියටම විස්තර කරන්න අපහසුයි

    ගහක මල් පිපිලා...( වෙනදට මල් පිපි නොතිබුන ,එත් මල් පිපිය හැකි ගසක මල් පිපිලා )...පිපෙන්නේ ඇයිද නොදන්නෙමි (ඒ ගසේ මල් පිපුනේ කුමන විපරයසක් නිසාද කියල දන්නේ නැහැ)
    හිතක මල් පිපිලා...( වෙනදට ඔහේ තිබුන හිතකත් මල් පිපිලා ).. පිපෙන්නේ ඇයිද නොදන්නෙමි (එහෙම හිතේ සතුටක් ඇදයක් ඇති උනේ ඇයි කියල දන්නා)
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි


    කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
    ඇතත් ලෝ දහමින් (ඉතා කර්කහ හෝ කරය බහුල , එසේ නැති නම් කිසිම ආදරණිය ප්රිමන්විත් බවකින් තොර ජිවිතක් ජවන රටාවක් ගෙවන කෙනෙකු , තමාට අවට පරිසරෙන් , සම්ජෙයෙන් ලබෙබෙන දෙයටම ආදරය කරයි)
    සොඳුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණ මෙන් (ඉද හිට හෝ දකින්න ලැබෙන රුවකට හා වදන් වලකට උවද පනටත් වැඩිය අදරෙයි,ලැබෙන වෙනසකට එය දකින වෙන අයෙකුට ආදරය හිතීමට තරම් නෙවැදගත් දෙයක් විය හැක)
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම් (ලෝකයට ආදර වන්තෙයෙක් සේ නොපෙනිනට මගේ ආදරයත් ඒ වගේ ,සුන්දරයි)
    කරනු බැරි තහනම්
    oooooo (සහිතිය තුල කවදාවත් තරුවක් තවත් ඉරක් ලෙස සලකන්නේ නැත ,එය රාත්රී අහසේ සුන්දරත්වය ගෙනෙන අංගයකි)

    සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
    උදුල තරු කැටයම්(රාත්රීා අහසේ සද වැඩ තරු සදට පෙම්බදිමින් සිටියත් .....සද යනු සෞම්මිය දෙයකි , පිරිමින් සෞම්මිය සුකුමල ගැහැනුන්ට ආදරය කරයි)
    හිරුට පෙම් බැඳි එකද තරුවක්
    සිටිය නොහැකිද යම් (එත් නිතර දැවෙන කිපෙන ප්ර)මන්විත් නොවන ලෙස ලෝකයට පෙනෙන,නමුත් සංවේදී ගැහැනියක ආදරය කරන එකම පිරිමියෙක් මේ ලෝකයෙහි සිටිය නොහැකිද)
    නුඹට නොහැඟෙන මගේ ප්රේ මය
    ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්

    ReplyDelete
  21. එකිනෙකාගේ මත එකිනෙකට වෙනස් විය හැක.නමුත් මෙහි සත්‍ය අරුත ගේය පදරචිකාවිය විසින් පෙර පවසා තිබේ නම් එයද සම්පූර්ණ සටහනක් මඟින් මෙහි පලකිරීම අවශ්‍ය වේ.එතෙක් කිසිඳු අයෙකුට ගීතය පිළිබඳ විවිධ මත දැරීමට කිසිඳු තහනමක් නැත.

    ReplyDelete